The Council

ඉතිහාසය

බණ්ඩාරවෙල (සිංහල : බණ්ඩාරවෙල, උච්චාරණය [ˈbandarawela]; දෙමළ: Pandarawela) බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම නගරය වන අතර එය බදුල්ල සිට 28 km (17 mi)  දුරින් බණ්ඩාරවෙල කොළඹ සිට කිලෝමීටර් 200 ක් (සැතපුම් 120) සහ ශ්‍රී ලංකාවේ විශාලතම නගර දෙක වන මහනුවර සිට කිලෝමීටර් 125 (සැතපුම් 78) පමණ දුරින් පිහිටා ඇත. අවට ප්‍රදේශ හා සසඳන විට එහි ඉහළ උන්නතාංශයට ස්තූතිවන්ත වන්නට, බණ්ඩාරවෙල වසර පුරා මෘදු කාලගුණික තත්ත්වයන් ඇති බැවින් එය ප්‍රදේශවාසීන් සඳහා සංචාරක ගමනාන්තයක් බවට පත් කරයි. බණ්ඩාරවෙල නගරයට මාර්ග සහ දුම්රිය යන දෙඅංශයෙන්ම අවට නගරවලට හා නගරවලට ළඟා වීමට පැය ගණනක් ඇතුළත පිහිටා ඇත. නගරය එහි යටත් විජිත ඉතිහාසයෙන් බලපෑමට ලක්ව ඇති අතර පාරිසරික සංචාරක ව්‍යාපාරයේ පදනමක් ලෙස නරඹන්නන් අතර නියැලෙන ඝන, සශ්‍රීක වනාන්තර අතර රැඳී ඇත.

බණ්ඩාරවෙල මහා නගර සභාව

නාගරික කොමසාරිස්

ටී.ගජේන්ද්‍රන්කුමාර් මහතාගේ ප්‍රකාශය

බණ්ඩාරවෙල මහ නගර සභාව, 2023.03.19 දින සිට විශේෂ කොමසාරිස් පාලනයක් මඟින් ක්‍රියාත්මක වන බව ඔබ සියලු දෙනා දන්නා කරුණකි. අප නගරයේ පරිපාලනය හා සේවාවන් කිසිඳු දේශපාලන මැදිහත් වීමකින් තොරව ජනතා සිතුම් පැතුම් සාක්ෂාත් කරවීමට මා හට අවස්ථාවක් ලැබීම මා ලද භාග්‍යක් සේ සලකන අතර එම අවස්ථාව මා හට ලැබීම වෙනුවෙන් මා ස්වභාවධර්මයට සහ දෙවියන්ට කෘතඥපූර්වක වෙමි.

ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයේ වාණිජ අග නගරය හා ලෝකයේ ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුක්ත ආදි මිනිස් ජනාවාසවලින් එකක් ලෙස ද, ඉතා සෞම්‍ය දේශගුණයෙන් හෙබි වර්ග කිලේ මීටර් 18.5 ක භූමිභාගයක් තුළ පිහිටි සුන්දර බණ්ඩාරවෙල නගරය සිංහල, ද්‍රවිඩ,මුස්ලිම් හා අනෙකුත් ජාතීන් සාමුහිකව හා ප්‍රීතියෙන් වාසය කරන සාමයේ නගරය ලෙස සැලකේ.

වත්මන් මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ලෙස, පසුගිය සභාව පැවති කාල සීමාවලදී ගරු නගරාධිපති,මහා සභාව සහ මහජන නියෝජිතයන් විසින් භාරගත් වගකීම් සියල්ල තනි පුද්ගලයෙකු ලෙස ඉටු කිරීමේ භාග්‍ය ලබා ඇති මාගේ උත්සාහයේ ප්‍රමුඛස්ථානය හැමවිටම බණ්ඩාරවෙල නගරය හා ජනතාවගේ සංවර්ධනය හා දියුණුව පිණිසයි. පෙර වසරවලට සාපේක්ෂව ජනතාව වෙනුවෙන් සපයනු ලබන සේවාවන් වැඩි දියුණු කරමින් ඩිජිටල්කරණය තුලින් විධිමත් සන්නිවේදන පහසුකම් සහිත සේවාවන් තම නිවෙස්වල සිටම ජනතාවට ලබා ගැනීමට ඉඩකඩ විවර වී ඇත.

වර්තමානයේ අප රට තුල පවතින ආර්ථික අර්බුදයන් හමුවේ මහජන සුභ සාධන සේවාවන් සැපයීමේ දී ඇති වන අවදානම් සැලකිල්ලට ගනිමින්, සීමිත සම්පත් අරපිරිමැස්මෙන් යුතුව යොදා ගැනීමෙන් සම්පත් වලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබෙන පරිදි  මූල්‍ය ආයෝජනය හා සංවර්ධන ව්‍යාපෘතීන් ඵලදායී ලෙස සිදු කිරීමට නියමිත බව මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින අතර 2012 වර්ෂයෙන් පසු 2024 වර්ෂයේ සිට බලාත්මක වන නව තක්සේරු වාර්තාවට අනුව, මෙතෙක් ඔබ විසින් ගෙවා ඇති ගාස්තුවල යම් ගාස්තු නොවැළකැක්විය හැකි නීතිමය හේතු කීහිපයක්  මත වැඩි කිරීමට සිදුව ඇති බව ඔබවෙත දන්වා සිටිමි. කෙසේ වෙතත්, 2024 වර්ෂයේ විධිමත්ව අය කිරීමට නියමිත වාර්ෂික ආදායම නිසි ලෙස අය කර,එමගින් ලබාදිය යුතු සේවාව කාර්යක්ෂමව හා ඵලදායීව ජනාතාව වෙනුවෙන් ලබා දීමට මා ඇපකැප වී සිටින්නෙමි.

2024 වර්ෂය සඳහා වන සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජනතා අභිලාෂයන් පෙරදැරිව සැලසුම් කර ඇති අතර,එය බණ්ඩාරවෙල නගරයේ පිහිටි සියලු කොට්ඨාශයන් ආවරණය වන ලෙස සැම දෙනාටම සම අයිතිවාසිකම් ලබෙන සේ  ජනතා අයිතියට පත් කරන බව මා ඔබට සහතික වෙමි.

ජනතා සේවය මහගු සේවයක් ලෙස සලකමින්, අපගේ උපරිම කැපවීමේ ප්‍රතිඵල ලෙස අප විසින් ජනතාව වෙනුවෙන් සපයනු ලබන මහජන සේවාවන් සියල්ල ප්‍රයෝජනවත් හා නාස්ති නොවන බව සඳහන් කරන අතර, 2024 වර්ෂය සඳහා වන දැවැන්ත ඉලක්කය සපුරා ගැනීමට උරදෙන අප ආයතනයේ නිලධාරි මහත්ම මහත්මීන්ටත්, අපගේ ශක්තිය වන සමස්ථ සේවක මහත්ම මහත්මීන්ටත් අපගේ සාර්ථක ගමන් මගෙහි නියමුවානන් වන බණ්ඩාරවෙල නගරයේ ප්‍රජාවටත් මාගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරමින් 2024 වර්ෂය සඳහා සකසා ඇති අයවැය ලේඛණයේ සඳහන් සංවර්ධන කටයුතු සියල්ල කිසිදු භේදයකින් තොරව සිදු කිරීමට මහජන සහභාගීත්වය හා සහයෝගය අපව නිතර දිරිමත් කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. ඔබ සියලු දෙනාට දෙවි රැකවරණයත් ස්වභාවධර්ම මාතාවගේ ආශිර්වාදය හා ආරක්ෂාවත් ලැබේවා.

ස්තූතියි

ටී.ගජේන්ද්‍රන්කුමාර්,

නාගරික කොමසාරිස්,

මහ නගර සභාව, බණ්ඩාරවෙල

දැක්ම

“ ජනහිතකාමි සමෘද්ධිමත් සොඳුරු පුරවරයක් ”

මෙහෙයුම

බණ්ඩාරවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික,සමාජීයීය,සංස්කෘතික සංවර්ධනය සහතික කරනු සඳහා සහභාගීත්ව ප්‍රවේශයන් තුළ පාරිසරික සංවේදිතාවයෙන් යුතුව, සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් සෞඛ්‍ය,මංමාවත්,සැප පහසුකම්,පහසුකම්,සුභසාධන කටයුතු හා මහජන උපයෝගිතා සේවාවන් ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඵලදායී සේවාවක් සැලසීම.

ජනවිකාසය

ජනගහනය

32000

පරිපාලන ප්‍රදේශය

875.16 ha

ඝනත්වය

27.61 persons / ha

ඔබ අප සමඟ වැඩ කිරීමට කැමතිද? දැන් පටන් ගනිමු