The Council

ඉතිහාසය

බණ්ඩාරවෙල (සිංහල : බණ්ඩාරවෙල, උච්චාරණය [ˈbandarawela]; දෙමළ: Pandarawela) බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම නගරය වන අතර එය බදුල්ල සිට 28 km (17 mi)  දුරින් බණ්ඩාරවෙල කොළඹ සිට කිලෝමීටර් 200 ක් (සැතපුම් 120) සහ ශ්‍රී ලංකාවේ විශාලතම නගර දෙක වන මහනුවර සිට කිලෝමීටර් 125 (සැතපුම් 78) පමණ දුරින් පිහිටා ඇත. අවට ප්‍රදේශ හා සසඳන විට එහි ඉහළ උන්නතාංශයට ස්තූතිවන්ත වන්නට, බණ්ඩාරවෙල වසර පුරා මෘදු කාලගුණික තත්ත්වයන් ඇති බැවින් එය ප්‍රදේශවාසීන් සඳහා සංචාරක ගමනාන්තයක් බවට පත් කරයි. බණ්ඩාරවෙල නගරයට මාර්ග සහ දුම්රිය යන දෙඅංශයෙන්ම අවට නගරවලට හා නගරවලට ළඟා වීමට පැය ගණනක් ඇතුළත පිහිටා ඇත. නගරය එහි යටත් විජිත ඉතිහාසයෙන් බලපෑමට ලක්ව ඇති අතර පාරිසරික සංචාරක ව්‍යාපාරයේ පදනමක් ලෙස නරඹන්නන් අතර නියැලෙන ඝන, සශ්‍රීක වනාන්තර අතර රැඳී ඇත.

පුරපති තුමාගේ පණිවිඩය

ගරු. ජානක නිශාන්ත රත්නායක

2011.04.01 වන දින සංස්ථාපනය වු බණ්ඩාරවෙල මහා නගර සභාවේ දෙවන සභා ධුර කාලය සඳහා 2018 වර්ෂයේ පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල මහා නගර සභාවේ, සියළු කොට්ඨාශ විශිෂ්ට ජයග්‍රහණයක් කල බණ්ඩාරවෙල ස්වාධීන කණ්ඩායම් අංක 01 ලෙස තරඟකල තේරී පත් වී වත්මන් සභාවේ නගරාධිපතිවරයා ලෙස බණ්ඩාරවෙල මහා නගර සභාවේ වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත්  කිරීමට හැකි වීම මම මහත් භාග්‍යයක් සේ සලකමි.

බණ්ඩාරවෙල මහා නගර සභාව සංස්ථාපනයවීමේදී, බණ්ඩාරවෙල නගර සභාව ලෙස පැවති සමයේ බල ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබු බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ හා ඇල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රාදේශයේ එකතු වූ ග්‍රාම සේවා වසම් හා කොටස් වශයෙන් එකතු වූ ග්‍රාම සේවා වසම් සමඟ වසම් 15 ක එකතුවක් ලෙස සැදී ඇති මෙම මහා නගර සභාව ලංකාවේ විවිධ පළාත් සඳහා එළවළු, පළතුරු හා වෙනත් බෝග සපයනු ලබන ප්‍රධාන තොග එළවළු මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන මන්සන්ධි නගරයක් ලෙස පවත්වාගෙන යන ආර්ථික වශයෙන් වැදගත් බල ප්‍රදේශයක් බව ප්‍රකාශ කරමි..

වත්මන් බලයට පත් සභාවේ නියමුවානන් වූ දිවංගත නගරාධිපති නලින් ප්‍රියන්ත සූරියගේ මැතිඳුන්ගේ සංකල්පය මත සාමයේ නගරය බිහි කිරීමට මුලික අඩි තාලම දැමිමට උර දුන් බල ප්‍රදේශයේ ජනතාව කෘතවේදීව සිහිපත් කරන අතර, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හඳුන්වා දී තිබූ කර්තව්‍යයන් වසරින් වසර ඉතා ප්‍රශස්ත මට්ටමේ සිදු කරවීමට හැකි වීම අප ලද භාග්‍යයකි. මහා නගර සභාව සංස්ථාපනය වීමේදී වෙනත් බල ප්‍රදේශ වලින් එකතු වූ එහෙත් පොදු පහසුකම් හා යටිතල පහසුකම් අවම මට්ටමක පැවති එම කොටස් අනෙකුත් කොටස් සමඟ සමානව සංවර්ධනයේ ඉලක්කයන් වෙත යොමු කිරීමට පසුගිය වසර හතර තුළ අප විශාල සේවාවක් ඉටු කල බව ගෞරවයෙන් සිහිපත් කරමි. බල ප්‍රදේශයේ සියළු කොට්ඨාශ  වලට සම අයිතීන් රැගෙන යාම සඳහා විවිධ වැඩ සටහන් මඟින් ලබා දුන් සහයෝගය ප්‍රශංසනීය බව සිහිපත් කරමි.

වර්තමානයේ අප රට තුල පමණක් නොව ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ජන ජීවිතය හා ව්‍යාපාරික ප්‍රජාවගේ ආරිථිකය ඉහල නැංවීම සඳහා 2022 වර්ෂය තුල කිසිදු බදු මුදලක් හා ගාස්තුවක් හෝ කුලී මුදලක් වැඩී නොකිරීමට තීරණය කිරීම අප සතු යුතුකමක් හා වගකීමක් බව මා සිහිපත් කරමි. එමෙන්ම 2022 වර්ෂයේ කල ඉලක්ක ගත ආදායම් නියමිත පරිදි නීත්‍යානූකූලව අය කර ගැනීමට ක්‍රියා කරන බවත්, ඉලක්ක ගත ආදායම මත පිහිටා නාස්තීන් අවම කරමින් බල ප්‍රදේශයේ සියළු කොට්ඨාශ සඳහා වෙන් කර ඇති සංවර්ධන යෝජනා සඳහා ප්‍රතිපාදන නියමිත පරිදි ලබා දෙමින් බල ප්‍රදේශයේ ඉලක්ක ගත සංවර්ධනය කරා පිය නැගීමට කටයුතු කරන බව සඳහන් කරමි.

එමෙන්ම බණ්ඩාරවෙල  මහා නගර සභාවේ සේවාවන් නවින තාක්ෂණය උපයෝගී කරගනිමින් ජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීම සඳහා ජනතාව අතර පවතින සුහඳතාවය වඩාත් සමීප කරවීමට විවිධ වැඩසටහන් ගණනාවක් මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අතර, තාක්ෂණික මෙවලම් භාවිතයෙන් රථවාහන ගාස්තු අය කිරීම, ඇප් එකක් භාවිතයෙන් දෛනික කසළ එකතු කිරීම පිළිබඳව දැනුවත් කිරිම සඳහා පද්ධතියක් හඳුන්වා දී තිබීම, අන්තර්ජාලය හරහා මහා නගර සභාවට ගෙවීම් සිදු කිරීමට පද්ධතියක් හඳුන්වා දී තිබීම ඒ අතරින් සමහරකි. එමෙන්ම ආයතනය නමින් සමාජ ජාලා වෙබ් අඩවි නිර්මාණය කර ඒ තුලින් ජනතාවට දැනුවත් කිරීමට කටයුතු යොදා තිබීම බදු ගෙවන ජනතාවට ආයතනයේ තොරතුරු දැනගැනීමට පහසුකම් සලසා තිබීම ඔවුනට කරන ගෞරවයක් බව සිහිපත් කරමි. එමෙන්ම මෙකී කටයුතු තවත් පුළුල් කරමින් මහා නගර සභාවේ වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට හැකිවීම ජනතාවට සිදු කරනු ලබන සේවාවේ තවත් පුළුල් කිරීමකි. මෙම වෙබ් අඩවිය බණ්ඩාරවෙල මහා නගර සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ තවත් එක් පියවරක් ලෙස හඳුන්වා දීය හැකි අතර, ඉදිරියේ දී මෙය තවත් පුළුල් කර නවීන තොරතුරු තාක්ෂණයේ බලගැන්වුණු පළාත් පාලන ආයතනයක් ලෙස බණ්ඩාරවෙල මහා නගර සභාව පත් කිරීම මාගේ අභිප්‍රාය බව ගෞරවයෙන් සඳහන් කර සිටීමි.

දේශමාන්‍ය ජනක නිශාන්ත රත්නායක,

නගරාධිපති,

බණ්ඩාරවෙල මහා නගර සභාව.

දැක්ම

“ ජනහිතකාමි සමෘද්ධිමත් සොඳුරු පුරවරයක් ”

මෙහෙයුම

බණ්ඩාරවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික,සමාජීයීය,සංස්කෘතික සංවර්ධනය සහතික කරනු සඳහා සහභාගීත්ව ප්‍රවේශයන් තුළ පාරිසරික සංවේදිතාවයෙන් යුතුව, සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් සෞඛ්‍ය,මංමාවත්,සැප පහසුකම්,පහසුකම්,සුභසාධන කටයුතු හා මහජන උපයෝගිතා සේවාවන් ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඵලදායී සේවාවක් සැලසීම.

ජනවිකාසය

ජනගහනය

32000

පරිපාලන ප්‍රදේශය

875.16 ha

ඝනත්වය

27.61 persons / ha

ඔබ අප සමඟ වැඩ කිරීමට කැමතිද? දැන් පටන් ගනිමු