ටෙන්ඩර් දැන්වීමයි
බණ්ඩාරවෙල මහා නගර සභාව
වසන්ත උදානය සැණකෙළිය – 2025
බණ්ඩාරවෙල මහා නගර සභාවට අයත් පොදු ක්‍රීඩාංගණයට යාබද ( නුග සෙවණ වෙළඳ පරිශ්‍රය අසල කොටස ) 2025 අප්‍රේල් මස 14 දින සිට 25 වන දින දක්වා වසන්ත උදානය සැණකෙළිය පැවැත්වීම සඳහා සුදුසු ලංසු කරුවෙක් තෝරාගැනීමට පහත උපලේඛනයේ සඳහන් මිල ගණන් යටතේ 2025-04-03 වන දින පෙ.ව. 10.00 දක්වා මුද්‍රා තබන ලද ටෙන්ඩර් ලංසු පත් වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් කැදවනු ලැබේ.
ටෙන්ඩර් ලංසූ පෝරම 2025-03-21 දින පෙ.ව.9.00 සිට 2025-04-03 වන දින ප.ව. 3.00 දක්වා ( රජයේ වැඩකරන හා නිවාඩු දිනයන්ද ඇතුළුව ) මෙම කාර්.යාලයේ ආදායම් අංශයෙන් නිකුත් කරනු ලැබේ.ටෙන්ඩර් ඉල්ලුම්පත් හා කොන්දේසී මාලාවන් පිටපත් දෙකකින් යුතුව නිකුත් කරනු ලබන අතර, මෙම ටෙන්ඩර් ඉල්ලුම්පත් හා කොන්දේසි මාලවන්ගේ මුල් පිටපත හා දෙවන පිටපත වෙන වෙනම ලිපි කවරයක බහා එහි වම් පස ඉහල කෙළවරේ “වසන්ත උදාන සැණකෙලිය – 2025” යන්නෙන් සඳහන් කර මුද්‍රා තබා 2025-04-04 දින පෙ.ව. 10.00 ට පෙර ලැබෙන පරිදි “ප්‍රසම්පාදන කමිටු සභාපති, මහා නගර සභාව බණ්ඩාරවෙල” යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවීමෙන් හෝ මෙම කාර්.යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහා ලීමෙන් හෝ ඉදිරිපත් කළ හැකිය.
2025-04-04 දින පෙ.ව.10.00 පසු වූ වහාම මෙම කාර්.යාලයේ දි ටෙන්ඩර් ලංසු පත් විවෘත කරනු ලබන අතර, ටෙන්ඩර් ලංසු විවෘත කරන අවස්ථාවේදී ටෙන්ඩර් ඉල්ලුම් කරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකුට සහභාගි විය හැකිය. වැඩි විස්තර කාර්යාල දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ලබා ගත හැකිය. එසේම පහත දුරකථන අංකය හා WEB අඩවියට ප්‍රවිශ්ඨවීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
දුරකථන අංකය : 057-2222275
mail – bwmcuva@gmail.com
උපලේඛන අංක 1
2025-04-14 දින සිට 2025-04-25 දක්වා කාලය සඳහා වසන්ත උදාන සැණකෙළිය පැවැත්වීම
ප්‍රසම්පාදනය පිලිබඳ විස්තරය
|
අවම
ටෙන්ඩර්
ලංසුව
|
ටෙන්ඩර් මුදල් |
ආපසු
ගෙවන
තැන්පතුව
|
ආපසු
නොගෙවන
මුදල
|
බණ්ඩාරවෙල
මහා නගර සභා
ක්‍රීඩාංගණයට යාබද නුග සෙවණ වෙළඳ පරිශ්‍රය අසල කොටසේ වසන්ත
උදාන සැණකෙළිය පැවැත්වීම.
|
55000.00
(මේ සඳහා රජයේ අනුමත බදු මුදල් එකතු විය යුතුයි.) |
50000.00
|
10000.00
(මේ සඳහා රජයේ අනුමත බදු මුදල් එකතු විය යුතුයි.)
|
2025-03-18 වන දින, ටී.ගජේන්ද්‍රන්කුමාර්
මහා නගර සභා කාර්.යාලය නාගරික කොමසාරිස්, (සභාපති – ප්‍රසම්පාදන මණ්ඩලය)
බණ්ඩාරවෙල.