ප්‍රසම්පාදන දැන්වීම
බණ්ඩාරවෙල මහා නගර සභාව
බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් කර්මාන්තය ඉටු කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචි සහිත සුදුසුකම් ලත් කොන්ත්‍රාත් කරුවන්ගෙන් 2025.04.23 දින දක්වා මුද්‍රණ තබන ලද ලංසු කැඳවනු ලැබේ.
අනු අංකය | කොන්ත්‍රාත් අංකය | කර්මාන්තයේ නම | සිවිල් වැඩ වටිනාකම (රු.මි.)(වැට් රහිත) | ගොඩනැගිලි ඉදිකිරිම් ක්ෂේත්‍ර යේ අවශ්‍ය CIDA ශ්‍රේණිය | ඉදිකිරිම් කාල පරාසය(දින ගණන) | ආපසු ගෙවන ලංසු සුරක්ෂණ මුදල (මුදලින් ගෙවන්නේනම්)(රු) | ලංසු ලියවිලි ගාස්තු මුදල(රු) |
01 | BWMC/4/9/ස.අ./2025/11 | බණ්ඩාරවෙල මහා නගර සභාවේ ප්‍රජා සංවර්ධන ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම | 11.3 | C 7
හෝ ඉහළ |
180 | 113000.00
|
7500.00+VAT |
4 මේ සඳහා උනන්දුවක් දක්වන ලංසු කරුවන් හට බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාලය වෙත ලිඛිත ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසම්පාදන ආකෘතිපත් වල සම්පූර්ණ පිටපතක් 2025.03.28 දින සිට 2025.04.22 දින දක්වා (සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා) ඉහත වගුවේ සඳහන් පරිදි ලංසු ලියවිලි ගාස්තුව ගෙවීමෙන් පසු ලබා ගත හැකිය.
5 ලංසු සුරක්ෂණය මුදලින් ගෙවන්නේ නම් එය ඉහත වගුවේ සඳහන් වටිනාකමට සමාන විය යුතුය. ලංසු රක්ෂණය සඳහා ඇපකරයක් ඉදිරිපත් කරන්නේ නම් රු. 113000.00 ක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත කළ වානිජ බැංකුවකින් ලබා ගත් බැංකු බැඳුම්කරයක් ඉදිරිපත් කළ හැකිය. මෙම ඇපකරය, 2025.08.06 දින දක්වා වලංගු, කොන්දේසි රහිතව ඉල්ලූ විට ගෙවනු ලබන ඇපකරයක් විය යුතුය.
6 නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසුපත් පිටපත් දෙකකින් යුක්තව අදාල ප්‍රසම්පාදන කමිටුව වෙත 2025.04.23 වන දින ප.ව. 2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර ලංසුපත් වල මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් සඳහන් කර කවර දෙකක බහා එම කවර දෙක එක් ලිපි කවරයක් බහා, ඉහළ වම් කෙලවරේ අදාල කර්මාන්තයේ නම සඳහන් කර මුද්‍රා තබා, සභාපති, ප්‍රසම්පාදන කමිටුව, බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාලය, උද්‍යාන පාර, බණ්ඩාරවෙල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ එම කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම සිදු කළ යුතුවේ.
7 අනු පිටපත, මුල් පිටපතේ සෑම පිටුවකම සහතික කරන ලද ඡායස්ථ පිටපතක් විය යුතුය.
8 අදාල වැඩි විස්තර, බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාල දුරකතන අංක 057 2222275 ට ඇමතීමෙන් හෝ www.bandarawelamc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.
9 ලංසු වලංගු කාලය 2025.07.09 දින දක්වා විය යුතුයි.
10 ලංසු කැඳවීම සම්බන්ධ පූර්ව ලංසු රැස්වීමක් (Pre Bid Meeting) 2025.04.11 දින ප.ව. 2.00 ට බණ්ඩාරවෙල මහා නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන අතර, එහිදී අපේක්ෂිත ලංසු කරුවන්ට ව්‍යාපෘති අවශ්‍යතා සම්බන්ධව පැහැදිලි කිරීම් ලබාගත හැකිය.
11 2025.04.23 දින ප.ව. 2.00 පසු වූ වහාම බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාලයේදී ලංසු විවෘත කරන අතර, එම අවස්ථාවට ලංසු කරුට හෝ ඔහුගේ නියෝජිතයෙකුට සහභාගි විය හැකිය.
12 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කර ඇති මෙම දැන්වීමේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් තිබේ නම් එවැනි අවස්ථාවක සිංහල පාඨය බල පැවැත්වේ.
2025.03.26 වන දින ටී. ගජේන්ද්‍රන් කුමාර්,
බණ්ඩාරවෙල මහා නගර සභා කාර්යාලයේදී නාගරික කොමසාරිස්, (ප්‍රසම්පාදන කමිටුවේ සභාපති),
මහා නගර සභාව, බණ්ඩාරවෙල